ඔයාගේ ෆෝන් එක Original ද කියලා බලන්නේ මෙහෙමයි

අද වන විට ලෝකයේ වැඩිම දුරකථන ප්රමාණයක් නිපදවන රට වෙන්නේ චීනය. ඊට අමතරව ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, කැනඩාව, මෙක්සිකෝව, දකුණු කොරියාව, ඉන්දියාව වගේ රටවලූත් බහුලව දුරකථන නිෂ්පාදනය කරන රටවල්. හැබැයි ඉතින් දුරකතනය හදන රට අනුව එහි කල්පැවැත්ම හා ගුනාත්මකතාවය තීරණය වෙනවා. උදාහරණ විදියට ඉන්දියාව, චීනය වගේ රටවල් වල ෆෝන් හදන්නේ බොහොම බාල විදියට. එතකොට ඇමරිකාව, පින්ලන්තය වගේ රටවල් හදන දුරකථන ගුණාත්මකතාවයෙන් හා කල්පැවත්මෙන් උසස්. අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔබේ දුරකතනය නිපදවපු රට සොයා ගන්න ආකාරය ඔබට කියල දෙන්නයි.
මේක බොහොම පහසු වැඩක්. ඔයාල දන්නවා නේද හැම ෆෝන් එකකටම එනවා IMEI අංකය කියලා එකක්. මේ IMEI අංකය මගින් ඔයාට පහසුවෙන්ම දැන ගන්න පුළුවන් ෆෝන් එක හැදුවේ මොන රටේද කියලා. හරි එහෙනම් මුලින්ම IMEI අංකය ගන්න හැටි කියල දෙන්නම්කො
ඔයාගේ දුරකතනය අරන් මෙන්න මේ අංක ටික ඩයල් කරන්නකෝ *#06#
එතකොට ඔයාගේ display එකේ වැටේවි අංක 15කින් යුක්ත නම්බර් එකක්
අන්න ඒ දිග අංකයේ හත්වෙනියට හා අට වෙනියට එන අංක දෙක පිලිවෙලින් මතක තියාගන්නකෝ
දැන් පහල තොරතුරු දිහා බලලා ඔයාගේ දුරකතනය නිපදවපු රට මොකක්ද කියල බලා ගන්න
05 හෝ 50 නම් – දුරකථනය නිපදවා ඇත්තේ ඇමරිකාවේ , බ්රසීලයේ හෝ පින්ලන්තයෙයි
08 හෝ 80 නම් – දුරකථනය නිපදවා ඇත්තේ ජර්මනියෙයි
00 නම් දුරකථනය නිපදවා ඇත්තේ Original Factory එකෙයි, ගුණාත්මක තත්වය අතින් ඉතාම ඉහලයි
01 10 07 70 19 91 නම් දුරකථනය නිපදවා ඇත්තේ පින්ලන්තයෙයි. හොද ප්රමිතියකින් යුක්තයි
02 හෝ 20 නම් දුරකථනය නිපදවා ඇත්තේ එක්සත් අරාබි එමීර් රටේ හෝ ඉන්දියාවෙයි. ගුණාත්මක බව ඉතාම අඩුයි
03 හෝ 30 නම් දුරකථනය නිපදවා ඇත්තේ චිනයෙයි
04 හෝ 40 නම් දුරකථනය නිපදවා ඇත්තේ චිනයෙයි
06 හෝ 60 නම් දුරකථනය නිපදවා ඇත්තේ හොංකො, චීනයේ හෝ මෙක්සිකොවෙයි
13 නම් දුරකථනය නිපදවා ඇත්තේ Azerbaijan යි. ගුණාත්මක බව ඉතාම අඩු අතර සෞඛ්යටද අහිතකරයි
හරි එහෙනම් හෙමින් සැරේ හොයා ගන්නකො ඔයාගේ දුරකථනය ඔයා හිතාගෙන හිටපු තරම් හොද එකක්ද නැද්ද කියලා.

Advertisements

Photography Tricks

C__Data_Users_DefApps_AppData_INTERNETEXPLORER_Temp_Saved Images_images

කැනන් ද, නිකොන්ද?
කවුරුත් අහන , කාටත් තියන ප්රශ්නයක් !
හරි ඉතින් කැනන්ද නිකොන්ද?
ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්රශ්නයක් තමයි
එතකොට දැන් පෝස්ට් එක ඉවරද?
නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු.

මුලින්ම කියන්න ඕන මමනම් උග්ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. “ඒත් නිකොන් තමයි හොඳම”
කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම tපෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ
දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ
වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.
එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන
කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන.
දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.
සමහර ෆොටෝග්රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්රැෆර් ගන්න
පින්තූරෙට ඔලුව දාආ බලනව. ” ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?” “අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක” කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.
අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි
කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.
ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො
Nikon
Canon
Mega Pixel
කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන
වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇතිකැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.
Focus Point ගණන

DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක
focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩිවේ.
ISO අගය
මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය.
FPS- Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන

තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.
මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.
ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි
bit ගනන
මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න
ප්රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ.
Shutter Reliability
බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.
Dynamic Range
ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි.

ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක.
එලෙසම http://www.snapsort.comවැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා http://www.dpreview.com /products/compare/cameras/අඩවියද භාවිතාකල හැක.

  • ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්ය විස්තර ලබාගැනීමටත් හැක.
    ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි!
    Memory Cards
    Card Reader
    UV Filter
    Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි)
    Lens Cleaning kit
    Camera Bag/ Backpack

 

…..සිරීගේ රචනාව……

…….😂😂😂
ඔන්න දවසක් ඉස්කෝලේ ටීච ලමයිට තමන්ගේ සුරතලා ගැන රචනාවක් ලියන්න කියලා කිව්වා…………
ඉතින් සිරී ඉක්මනට රචනාව ලියලා මිස් ගාවට ගෙනිච්චා..
මිස්:- සිරි කියවන්න බලන්න ‍රචනාව…සිරි:- මගේ සුරතලාගේ නම ටොමීයා.ඌ කලු පාටය.උගේ ඇගේ ලෝම ඇතලෝම අස්සේ මැක්කන් ඇත මැක්කා නම් රවුම්ය මැක්කා කලු පාටය.මැක්කාට අඩු ගොඩක් ඇත.මැක්කන් වර්ග කිහිපයක් ඇත..ලොකු මැක්කෝ පොඩි මැක්කෝ ඇටමැක්කෝ ආදී වශයෙනි….
මිස්:- ඔය මැක්කෙන් කොහෙන්ද ආවේ..සිරී:- ඉතින් මිස් උගේ ඇගේ මැක්කෝ ඉන්නවනේ..මිස්:- හා හා එහෙනම් වෙන සතෙක් ගැන ලියන්නකෝ පූසෙක් ගැන.
(විනාඩි කිහිපයකට පසුව)
සිරි:-හරි මිස් ලිව්වාමිස්:- එහෙනම් කියවන්නසිරි:- අපේ ගෙදර පූසෙක් සිටි.. උගේ නම කිටීයඌ සුදුම සුදු පාට උගේ ඇගේ ලෝම ඇත ලෝම අස්සේ මැක්කෝ ඇත..මැක්කා නම් රවුම්ය මැක්කා කලු පාටය.මැක්කාට අඩු ගොඩක් ඇත.මැක්කන් වර්ග කිහිපයක් ඇත..ලොකු මැක්කෝ පොඩි මැක්කෝ ඇටමැක්කෝ ආදී වශයෙනි
මිස්:- අයියෝ මේ ලමයා හරියන්නේ නෑ එහෙනම් මාළුවෙක් ගැන ලියන්නසිරි:-හා මිස්
(මද වේලාවකට පසුව්)
සිරි:- හරි මිස් මිස්:- කියවන්න බලන්නසිරි:- අපේ ගෙදර මාළු ටැංකියක් ඇත..මාළු ටැංකියේ මාළු දෙන්නෙක් ඇත.උන්ගේ ඇඟේ ලෝම නැත..උන්ට් ඇත්තේ කොරපොතුය..බැරි වෙලාවත් කොරපොතු අස්සේ මැක්කෙක් හිටියොත්…මැක්කා රවුම්ය මැක්කා කලු පාටය.මැක්කාට අඩු ගොඩක් ඇත.මැක්කන් වර්ග කිහිපයක් ඇත..ලොකු මැක්කෝ පොඩි මැක්කෝ ඇටමැක්කෝ ආදී වශයෙනිමිස්:-💇💇

(උපුටා ගත්තකි

සම්මතය

සම්මතයට අභියෝග කොට සම්මතයෙන් එහා අසම්මතය දිනා රැඩිකල්වීමට නන් සම්මතය දැන ඉන්න ඕන සම්මතය යනු කුමක්දැයි නොදැන රැඩිකල් වෙන්න යන උන්ට කියන්නෙ. රැඩිකල් තියෙන්නෙ වවන් ඉන්න රැවුලේ වත් අඳින ලිනන් ෂර්ට් එකේවත් නෙවෙයි ගංජා පොඩ්ඩක් ගැහැවුට රැඩිකල් වෙන්නෙත් නෑ ඒක දන්නෙ හැබෑවටම සම්මතය දැන හැඳින අසම්මතයට ගොස් සම්මතයට අභියෝග කරන එකා පමණි නොදන්නාවුන්ට ඉතින් කියන්න දෙයක් නෑ

KFC

K.F.C ගිහින් ….
තලුමර මර …
මැරිච්ච කුකුලෙක් ….
කනවට වැඩිය..
එලියේ පොඩි කඩේකින්…
රතු කැකුළු බතුයි…
සම්බෝලයි කාලා….
ඉතිරිවුන ගාන…
පාරේ යනකොට …
අත දික් කරන …
කාට හරි දිලා…
බඩයි හිතයි දෙකම …
පුරව ගන්න පුලුවන්නම්….
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් …
මේ මහපොලොවේ…..
පයගහල ඉන්න..